වත්මන් ජනාධිපතිවරයාගේ මෑණියන් සහ අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දියත් කර ඇති අශිෂ්ට මඩ ප්‍රහාර සහ අපහාසාත්මක ප්‍රචාරයන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැඩි ලෙස හෙළා දකී.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දේශපාලන ප්‍රතිවාදීන් විසින් පවුලේ සාමාජිකයන් දේශපාලන පළිගැනීම් සඳහා ඈඳා ගැනීම කිසිසේත්ම ශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතියකට නොගැලපෙන පහත් පෙළේ ක්‍රියාවක් බවයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ මෑණියන් වැනි වියපත් මවක ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම අපහාසාත්මක ක්‍රියාවන් සමාජය තුළ වැරදි මතවාදයක් ඇති කිරීමට දරන උත්සාහයක් බව ඔහු අවධාරණය කළේය.
සමාජ මාධ්‍ය හරහා මෙලෙස ව්‍යාප්ත වන වෛරී සහගත ප්‍රකාශ සහ උණුසුම් තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ අමාත්‍යවරයා, මෙවැනි ක්‍රියාවන් මගින් ජනතාව නොමග යැවීමට කිසිවෙකුටත් නොහැකි බවත්, පවුල්වල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙවැනි පිළිකුල් සහගත දේශපාලන ගමන් මගට ඉඩ දිය නොහැකි බවත් වැඩිදුරටත් කියා සිටියේය.
















