ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව දියත් කළ ගුවන් ප්‍රහාර මාලාව සහ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි දැඩි ඉහළ යාමක් අද (11) වාර්තා විය. ලෝක තෙල් සැපයුමේ අතිශය තීරණාත්මක මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ බොරතෙල් මිල ගණන් පහත පරිදි සටහන් විය.
බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 2.30කින් එනම් 2.47% කින් ඉහළ ගොස් ඇති අතර, එහි බැරලයක මිල ඩොලර් 95.40ක් ලෙස සටහන් විය.
ඇමරිකානු WTI බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 2.60කින් එනම් 2.89% කින් ඉහළ ගොස් ඇති අතර, එහි බැරලයක මිල ඩොලර් 92.63ක් ලෙස දැක්වේ.
ලෝක බලශක්ති සැපයුම සම්බන්ධයෙන් පවතින මෙම අවිනිශ්චිත තත්ත්වය ඉදිරියේදී ගෝලීය ආර්ථිකයට සහ ඉන්ධන මිල ගණන්වලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
















