පාසල් උත්සව දේශපාලන කටයුතු සඳහා අවභාවිත කිරීමට රජය අඛණ්ඩව විරුද්ධ බවත්, දරුවන් දේශපාලනිකව අවභාවිත කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි වීම තහනම් කරමින් පෙර පැවති ප්‍රතිපත්තිමය තීරණය වර්තමානයේ ක්‍රියාත්මක නොවන්නේද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබා දෙමින් අගමැතිනිය පැවසුවේ, ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකුට තමන්ගේ ප්‍රදේශයේ පාසල් නිරීක්ෂණය කිරීමට හෝ පාසල් උත්සවයකට සහභාගී වීමට කිසිදු තහනමක් නොමැති බවයි. කෙසේ වෙතත්, පාසල් පද්ධතිය සහ දරුවන් දේශපාලනිකව අවභාවිත කිරීමට උත්සව වේදිකා භාවිතා කිරීම සම්බන්ධයෙන් තමන් එදත් අදත් දැඩි ලෙස විරුද්ධ බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















