දිවයින පුරා පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස පිළිබඳ විශේෂ සමීක්ෂණයක් එළැඹෙන 15 වැනිදා ආරම්භ කරන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතට අනුව, වැඩිහිටියන් 5 දෙනෙකුට වඩා නේවාසිකව සිටින සත්කාරක ආයතන අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතුය. මෙම සමීක්ෂණය හරහා එවැනි ආයතන නියාමනය කිරීමට අමතරව, වැඩිහිටි නිවාසවල රැඳී සිටින වයස අවුරුදු 50ට අඩු ආබාධ සහිත පුද්ගලයන් වඩාත් සුදුසු වෙනත් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් කෙරෙහි ද අවධානය යොමු කරන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳු මහතා සඳහන් කළේය.
















