අද (12) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට ආරම්භ කෙරිණි.
අද දින සඳහා නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව, පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ. ඉන් අනතුරුව පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
අද දින පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමට නියමිතව ඇති අතර, 2025 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ද අද දිනයේදී පැවැත්වීමට නියමිතය.
















