ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර පාන සැපැයුම් සේවා සමාගමක් වන Russel’s සමාගම, 2026 මැයි මාසය තුළ සිය වගකීම් විශිෂ්ට ලෙස ඉටු කරමින් සමාගමේ සාර්ථකත්වයට දායක වූ සේවකයන් අගයමින් විශේෂ ඇගැයීම් වැඩසටහනක් පවත්වන ලදී.
සේවකයන්ගේ වෘත්තීයභාවය, කැපවීම, කණ්ඩායම් හැඟීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. එහිදී අමිලා නිලංගනී මහත්මිය මැයි මාසයේ විශිෂ්ටතම සේවිකාව (Employee of the Month) ලෙස නම් කෙරිණි. ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය විශිෂ්ටතම Stewardess ලෙසත්, කේ.පී. ප්‍රියන්ත මහතා වඩාත්ම කැපවීමෙන් සේවය කළ සේවකයා ලෙසත් ඇගැයීමට ලක් විය. තවද, එස්.ඒ.ඩී.ඩී. සුදර්ශනී මහත්මිය විශිෂ්ටතම Catering Stewardess ලෙසත්, රෂේන් ඉමාර මහතා විශිෂ්ටතම Steward ලෙසත් සම්මාන දිනා ගත්හ.
මෙම අවස්ථාවට අදහස් දක්වමින් Russel’s සමාගමේ කළමනාකාරිත්වය සඳහන් කළේ, සේවක ඇගැයීම සමාගම් සංස්කෘතියේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. සේවකයන්ගේ උද්යෝගය වර්ධනය කිරීමටත්, ඔවුන් තුළ පවතින කණ්ඩායම් හැඟීම සහ වෘත්තීයභාවය තවදුරටත් ශක්තිමත් කිරීමටත් මෙම ඇගැයීම් මහත් පිටිවහලක් වන බව ඔවුන් අවධාරණය කළහ.
මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ ආහාර පාන සැපැයුම් සේවා ක්ෂේත්‍රයේ උසස් සේවා ප්‍රමිති අඛණ්ඩව පවත්වා ගැනීමට ඉහළ දක්ෂතා පෙන්නුම් කරන සේවකයන් හඳුනා ගැනීම වැදගත් වේ. සිය සේවකයන්ගේ වෘත්තීය සංවර්ධනය සහ ඔවුන් ඇගැයීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීම තුළින් පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය තහවුරු කිරීම Russel’s සමාගමේ ප්‍රමුඛ අරමුණ වී ඇත.














