මෙරට සිදුවන සංවිධානාත්මක අපරාධ, මිනීමැරුම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මුළුමනින්ම මර්දනය කර මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් හා නියෝග පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන සුවිශේෂී ආරක්ෂක මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබේ. දිවයිනේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය සහ මත්ද්‍රව්‍ය උවදුර සැලකිල්ලට ගනිමින් පොලිස් මූලස්ථානය විසින් මෙම හදිසි නියෝග නිකුත් කර ඇති අතර, ඒ අනුව ඉදිරි දිනවලදී අපරාධකරුවන් සෙවීම සඳහා දැඩි සෝදිසි කිරීම් ක්‍රියාවට නැංවේ.
















