රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දීම මගින් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
සැකකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මීට අමතරව, සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය පියවර ගත්තේය.
පළාත් සභා මැතිවරණ සමය ආසන්නයේදී සිදු වූ බව කියන මෙම මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුව ඉදිරියේදීත් විභාගයට ගැනීමට නියමිතය.
















