පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල යටතේ විවිධ සැකකටයුතු හේතූන් මත පුද්ගලයන් 520 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. නිසි අනන්‍යතාවයක් තහවුරු කිරීමට අපොහොසත් වූ මෙන්ම ප්‍රදේශයේ සාමයට බාධාවන අයුරින් හැසිරුණු මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථාන මඟින් ඉදිරි විමර්ශන සහ අනන්‍යතා පරීක්ෂාවන් දැඩි ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.
















