ශ්‍රී ලංකා රජයට අයත් කොළඹ නගර මධ්‍යයේ පිහිටි අතිශය වටිනා “කිංග්ස්බරි” (The Kingsbury) හෝටල් භූමිය දීර්ඝකාලීන බදු ඔප්පුවකින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා වෙත පැවරීමේ අතිදැවැන්ත මූල්‍ය වංචාවක සහ දූෂිත දේශපාලන කුමන්ත්‍රණයක තොරතුරු සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සචින් රත්වත්තේ අනාවරණය කර තිබේ.
ඔහුගේ අනාවරණය. පරිදි, කොළඹ වාණිජ නගරයේ හදවත බඳු ප්‍රදේශයක පිහිටි අක්කර පහහමාරක (පර්චස් 880ක) අතිදැවැන්ත භූමි භාගයක් මෙලෙස පෞද්ගලික අංශය වෙත පැවරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා නියම කර ඇති වාර්ෂික රාජ්‍ය කුලී පිරිවැය රුපියල් ලක්ෂ විස්සක් (මිලියන 2ක්) වැනි අතිශය හාස්‍යජනක අවම මුදලකි. මේ අනුව, එම ඉඩම වෙනුවෙන් මසකට අය කෙරෙන කුලිය රුපියල් එක්ලක්ෂ
හැට දහසක් (160,000) පමණ වන අතර, වත්මන් ආර්ථික වටපිටාව යටතේ කොළඹ නගරයෙන් සාමාන්‍ය නිවාස සංකීර්ණ කාමරයක් කුලියට ගැනීමටවත් නොහැකි මෙවැනි අවම මුදලකට අක්කර පහක රාජ්‍ය දේපළක් වසර 30ක කාලයකට මෙලෙස පවරා දීම බරපතල අපරාධයක් බව සදහන් වේ.
මෙම ඉඩම සඳහා නියම කර ඇති සැබෑ වාර්ෂික කුලී තක්සේරුව රු. මිලියන 385ක් (කෝටි 38.5ක්) වුව ද, දේශපාලන බලපෑම් මත එය වසරකට රුපියල් ලක්ෂ 20ත් ලක්ෂ 50ත් අතර (මිලියන 5කට අඩු) මුදලකට ධම්මික පෙරේරා වෙත ලබාදීමට සියල්ල සූදානම් කර ඇති බව එහි සදහන් වේ. මෙමඟින් ව්‍යාපාරික ධම්මික පෙරේරාට වසරකට පමණක් රුපියල් මිලියන 380ක අයුතු ලාභයක් හිමිවන බවත්,, වසර 30ක සමස්ත බදු කාලය තුළදී ඉන් උපයන ශුද්ධ ලාභය රුපියල් කෝටි 1,140ක් (බිලියන 11.4ක්) දක්වා අතිදැවැන්ත වේ.
මෙම දූෂිත ගනුදෙනුවේ තවත් විශේෂත්වයක් වන්නේ, කිංග්ස්බරි හෝටලයට අයත් අක්කර දෙකහමාරක (පර්චස් 400ක) රථ ගාල (Car Park) පමණක් වෙන් කර, එය කොළඹ වරාය නගරය (Port City) වෙත නැවත උප-කුලී පදනම මත පවරා රුපියල් බිලියන ගණනක මහා පරිමාණ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාවාරමක් දියත් කිරීමට ද ධම්මික පෙරේරා පාර්ශවය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටීම බව සචින් සිය ෆේස්බුක් සටහනෙන් පෙන්වා දෙයි.
මෙතරම් විශාල වංචාවක් සිදුවෙද්දී, අවම වශයෙන් රජයට ගෙවිය යුතු නීත්‍යානුකූල බදු මුදල් පවා ධම්මික පෙරේරා විසින් මෙතෙක් ගෙවා නොමැති බව හෙළිවේ. කෙසේ වුවද, මෙම කිංග්ස්බරි ඉඩමේ කුලී ගෙවීම් පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා වන රජයේ විශේෂ කමිටුව ලබන සතියේදී නිල වශයෙන් ස්ථාපිත කිරීමට නියමිත අතර, එහි අවසන් තීරණය මෙම ජුනි මාසය ඇතුළතදීම ලබාගැනීමට නියමිතය.
















