ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජනාධිපති නීතිඥවරයෙකු මෙන්ම ප්‍රසිද්ධ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන උපුල් කුමරප්පෙරුම මහතාගේ ආදරණීය පුත්‍රයා අද (ජූනි 12) දහවල් හදිසියේම අභාවප්‍රාප්ත වී තිබේ. රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වන්නේ, හදිසියේ ඇති වූ දැඩි රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි මෙම තරුණයා එහිදී අවසන් හුස්ම හෙළා ඇති බවයි. වයස අවුරුදු 24 ක වෙන කුමාරපෙරුම මහතාගේ පුතාගේ මරණය සම්බන්ධ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
















