ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රගතිය උදෙසා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 76ක පිරිවැයකින් ඉදි කළ මෙරට ප්‍රථම බෝට්ටු දියත් කිරීමේ අංගනය (Boat Launching Yard) බේරුවල දී නිල වශයෙන් විවෘත කර තිබේ.
බේරුවල ධීවර වරාය පරිශ්‍රයට අනුබද්ධව ඉදි කර ඇති මෙම අංගනය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙම අංගනය ඉදිකිරීමත් සමඟ දේශීය බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයට නව තාක්ෂණික පහසුකම් ලැබෙන අතර, නිෂ්පාදනය කෙරෙන බෝට්ටු ඉතා ආරක්ෂිතව සහ පහසුවෙන් මුහුදට දියත් කිරීමේ හැකියාව හිමිවේ. මෙය බේරුවල ප්‍රදේශයේ මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවේ ධීවර හා බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට විශාල රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















