පොසොන් උත්සව සමය තුළ අධික ශබ්ද පිටකරමින් මහජනතාවට පීඩාවක් වන අයුරින් ධාවනය කරනු ලබන යතුරුපැදි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව පොලීසිය පවසයි.
සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, පසුගිය වෙසක් සමයේදී අධික ශබ්ද නගන යතුරුපැදිවලට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කළ ආකාරයටම මෙම පොසොන් පොහොය සමයේදී ද එම නීති රීති ඒ අයුරින්ම ක්රියාත්මක කරන බවයි.
ඒ අනුව, වෙනස් කරන ලද සයිලන්සර් (Silencers) සහිත සහ නියමිත ධ්වනි සීමාවන් ඉක්මවා ශබ්දය පිටකරන යතුරුපැදි සම්බන්ධයෙන් පොලිස් මාර්ග බාධක සහ ජංගම මුරසංචාර මගින් දැඩි සෝදිසි කිරීම් සිදුකිරීමට නියමිතව ඇත.
















