සමථකරණය මඟින් අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී තිබෙන අධික නඩු සංඛ්‍යාව සාර්ථකව අඩු කර ගැනීමට මෙන්ම ජනතාවගේ කාලය හා වියදම ඉතිරි කර ගැනීමට හැකි බව අධිකරණ ඇමැති, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. නව පනත් කෙටුම්පතක් මඟින් ව්‍යාපාරික ක්ෂේත්රයට ද සමථකරණ අවස්ථා පුළුල් කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ඉන්දියාව, සිංගප්පූරුව, හොංකොං සහ බංග්ලාදේශය වැනි රටවල් ද සමථකරණය හරහා විශාල ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත්, ජාත්‍යන්තර සමථකරණ සම්මුතියට අත්සන් තැබූ 45 වැනි රට ශ්‍රී ලංකාව බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. ගෝලීය වශයෙන් සමථකරණ ක්‍රියාවලිය වේගයෙන් වර්ධනය වන පසුබිමක, ලංකාව තුළ මේ දක්වා පැවති ගැටලුවලට මෙම නව පනත් කෙටුම්පත හරහා ස්ථිර විසඳුම් ලැබෙනු ඇති බව ද හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















