ඇමරිකාව සහ ඉරානය අතර ඓතිහාසික සාම ගිවිසුමක් අත්සන් කිරීමට ඉතා ආසන්න මට්ටමක පැවතියද, ගිවිසුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඉරානය සතු ඉහළ සාන්ද්‍රණයකින් යුත් යුරේනියම් තොග (Enriched Uranium) සුරක්ෂිතව එරටින් ඉවත් කිරීම සඳහා ඇමරිකානු ආරක්ෂක අංශ (Pentagon) සහ බලශක්ති දෙපාර්තමේන්තුව (Department of Energy) ඒකාබද්ධව සවිස්තරාත්මක හදිසි මිලිටරි සැලසුම් (Contingent Plans) සකස් කරමින් සිටින බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.
මෑතකදී ඇමරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටු සභාපති ජෙනරාල් ඩෑන් කේන් (Gen. Dan Caine) විසින් මේ පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ද විශේෂ කරුණු වාර්තා කර ඇත. යෝජිත සාම ගිවිසුමට අනුව ඉරානයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය එරටින් පිටතට රැගෙන යා යුතු අතර, න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර කණ්ඩායම් (NEST) සහ ඇමරිකානු විශේෂ බලකායන් ඉරානයට ඇතුළු වී මෙම යුරේනියම් තොග භෞතිකව තම බාරයට ගැනීමට හෝ විනාශ කිරීමට මෙමඟින් සැලසුම් කර තිබේ. සාමය ගැන කතා කරන අතරතුර පවා, ඉරානයට නැවත කිසි දිනක න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොතැබීම සඳහා ඇමරිකාව මෙලෙස දැඩි සහ ප්‍රායෝගික පියවරයන් (The deal comes with teeth) සූදානම් කරමින් සිටීම විශේෂත්වයකි.
















