2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු අනුකූලතාවය ඉහළ නැංවීම සඳහා නව සංශෝධන කිහිපයක් හඳුන්වා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අනුව, නව බැංකු ගිණුම් විවෘත කිරීම, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ වාර්ෂිකව බලපත්‍ර අලුත් කිරීම, නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම්, සමාගම් කොටස් මාරු කිරීම් සහ නව ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීම වැනි සේවාවන් ලබා ගැනීමේදී TIN අංකය (Taxpayer Identification Number) ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
රටේ බදු පද්ධතිය විධිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, සියලුම පුරවැසියන් සහ අදාළ ආයතන මෙම නව නීතිමය සංශෝධන පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
















