කොලොන්නපිටිය, ඉඹුල්පිටිය උඩ කොටසේ පිහිටි නිවසක් මතට දැවැන්ත ගසක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි එකම පවුලේ සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පවතින අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ (12) අලුයම 1:00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව කොලොන්නපිටිය පොලිසිය පවසයි.
අනතුරින් පසු ප්රදේශවාසීන් විසින් වහාම ක්රියාත්මක වී නිවස තුළ සිරවී සිටි තුවාලකරුවන් මුදාගෙන කොලොන්නපිටිය දිස්ත්රික් මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙම අනතුරින් නිවසට දැඩි අලාභහානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්නපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















