දිගු කලක් තිස්සේ මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල සොරා ගැනීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (12) අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් රණාල, නවගමුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකු සහ අතුරුගිරිය, ආනන්ද බෝධි මාවත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
මොවුන් මාස දෙකකට පමණ ඉහතදී විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණ ඇති අය බවත්, අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.















