පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්රිත ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම ගංගා ද්‍රෝණිවල පහත් බිම්වල ජීවත් වන ජනතාවට සහ එම ගංගා හරහා ගමන් කරන පුද්ගලයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. ගංගා ආශ්රිත ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින්, හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂිත පියවර ගැනීමට සූදානම්ව සිටින ලෙස බලධාරීන් උපදෙස් දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
















