සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීම හෝ සිරගත කිරීම තුළින් ත්‍රීරෝද රථ රියදුරෙකුගේ හෝ සාමාන්‍ය මහජනතාවගේ කුසගින්න නිවී නොයන බවත්, ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා අදහස් පළ කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ උත්සවයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ආණ්ඩුව මෙලෙස කටයුතු කරන්නේ නම් ඉදිරියේදී ඔවුන්ට කිසිදු ජනප්‍රසාදයක් ඉතිරි නොවනු ඇති බවයි. මහජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ ජීවන වියදම සහ ආර්ථික අර්බුද බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ආණ්ඩුව එවැනි මූලික ගැටලු විසඳීම වෙනුවට දේශපාලන දඩයම්වල නිරත වන බවට චෝදනා කරයි.
දේශපාලන කටයුතුවලට වඩා රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා සැබෑ වැඩපිළිවෙලක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.















