මැදපෙරදිග කලාපයේ උග්‍රව පවතින යුද වාතාවරණය අවසන් කිරීමේ අරමුණින්, අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.
අග්‍රාමාත්‍යවරයා සිය නිල ‘X’ ගිණුමේ විශේෂ සටහනක් තබමින් මෙම කරුණ තහවුරු කර තිබේ. මෙම ගිවිසුම කලාපීය සාමය සහ ස්ථාවරභාවය ඇති කිරීම සඳහා තීරණාත්මක පියවරක් වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එසේම, මෙම එකඟතාවයේ ඉදිරි ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීම සඳහා තමන් දෙපාර්ශ්වය සමඟ සමීපව සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම පියවර මගින් මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සමනය වී, දිගුකාලීන දේශපාලනික සහ ආරක්ෂක ස්ථාවරත්වයක් ගොඩනැගීමට මග පෑදෙනු ඇතැයි ලෝක ප්‍රජාව අපේක්ෂා කරයි.
















