අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් විපක්ෂයේ දේශපාලනඥයන් අරමුණු කරගනිමින් සිදුකළ ප්‍රකාශයක් දේශපාලන කරළියේ මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.
පසුගියදා පැවති ප්‍රසිද්ධ ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනය තුළ සිටින “ජෝකර්” කවුරුන්ද යන්න හඳුනාගෙන ඔහුගේ නම තමන් වෙත WhatsApp පණිවිඩයක් මගින් යොමු කරන ලෙසයි.
සිය දුරකථන අංකය ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ සඳහා ඇමතුම් ලබා නොගෙන WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කිසිදු පුද්ගලයෙකුගේ නමක් විශේෂයෙන් සඳහන් නොකළ ද, අමාත්‍යවරයාගේ මෙම අභියෝගය විපක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔහු සිදුකළ උපහාසාත්මක විවේචනයක් ලෙස සැලකේ.
















