වසර 15ක දිගු විරාමයකින් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර ව්‍යාපාරික හා ආයෝජන ප්‍රදර්ශනය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. මෙම ප්‍රදර්ශනය මෙරට ආර්ථිකයේ නව හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලොව පුරා විසිරී සිටින ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු 1,500කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර, ඔවුන්ගෙන් විශාල පිරිසක් දැනටමත් සිය සහභාගීත්වය තහවුරු කර අවසන්ය.
මෙම දැවැන්ත ප්‍රදර්ශන භූමිය තුළ මෙරට ප්‍රමුඛ පෙළේ අපනයනකරුවන්ගේ ප්‍රදර්ශන කුටි මෙන්ම, විදේශීය ආයෝජකයන්ගේ දේශීය නිෂ්පාදන සහ සේවාවන් නියෝජනය කරන ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි ද ඇතුළුව සමස්ත කුටි 700කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට සංවිධායකයින් සැලසුම් කර ඇත.
මෙමඟින් දේශීය ව්‍යවසායකයින්ට ගෝලීය වෙළෙඳපොළ සමඟ සෘජුව සම්බන්ධ වීමටත්, විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමටත් විශාල අවස්ථාවක් උදාවනු ඇති බව වාර්තා වේ.
















