පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට හානි වන ලෙසට සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ගෞරවයට හානි වන ලෙසට සිදුකරන්නාවූ සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරයකට එරෙහිව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
අද දින (13) පෙරවරුවේ උපකුලපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති බලමණ්ඩලය විසින් ද මේ සම්බන්ධයෙන් විධිමත් පැමිණිල්ලක් පොලිස් පරිඝණක අපරාධ විමර්ශන ඒකකය වෙත ගොනු කිරීමට එකගතාවය පලකර තිබේ.
















