පොලිස්පතිතුමාගේ විශේෂ උපදෙස් මත අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන විශේෂ මෙහෙයුම්වල 2026 ජූනි 12 වැනි දිනට අදාළ ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ. දිවයිනේ සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම මෙහෙයුම් දියත් කෙරේ.
එම දින තුළ සිදුකළ පරීක්ෂාවන්හිදී පුද්ගලයින් 27,675 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, විවිධ අපරාධ සහ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 563 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 10 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට පත්ව තිබේ.
නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම්වලදී දින වරෙන්තුකරුවන් 303 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 169 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද දැඩි අවධානය යොමු කර ඇති අතර, ඒ යටතේ බීමත් රියදුරන් 73 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, රථවාහන වැරදි 4,152ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේ.
















