රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථාන ‘A’ කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අද (13) සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49.4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 245ක් රැස් කළේය. එහිදී හසන් ඉශකිල් ලකුණු 46ක් සහ බහිර් ෂාහ් ලකුණු 44ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් චාමික ගුණසේකර කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීය.
වර්ෂාව හේතුවෙන් තරගයට බාධා එල්ලවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 41ක් තුළ ලකුණු 231ක නව ඉලක්කයක් හිමි විය. එම ඉලක්කය ඉතා පහසුවෙන් පසුකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 28.1ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්හ.
ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 108ක් සහ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 60ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළහ.
















