ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරිකයකු වන වසන්ත සමරසිංහ මහතාගේ වත්මන් පෙනුම සහ ජීවන රටාව දැඩි උපහාසයට ලක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වසන්ත සමරසිංහ මහතා මේ වන විට සිරුර මහත් වී, කොණ්ඩය ක්‍රේල් වී, ප්‍රසිද්ධ නළු විජය කුමාරතුංග මහතා වැනි පෙනුමකින් යුතුව ඉතා සුඛෝපභෝගී අයුරින් සිටින බවයි.
රටේ සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටියද, වත්මන් පාලකයන්ගේ සහ ඔවුන්ගේ පක්ෂ නායකයන්ගේ පෞද්ගලික ආර්ථික මට්ටම බෙහෙවින් වර්ධනය වී ඇති බව මෙයින් මනාව පැහැදිලි වන බව මන්ත්‍රීවරයා චෝදනා කළේය. “රටේ ජනතාවට සහ රටට කෙසේ වෙතත්, මාලිමාවේ නායකයන්ට නම් මේ වන විට සැබෑ ආර්ථික සංවර්ධනය උදාවී ඇති” බව මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















