වත්මන් රජයේ ආර්ථික සහ දේශපාලන ක්රියාවලිය දැඩි විවේචනයට ලක් කරමින්, මේ වන විට රට තුළ පවතින්නේ “ගොම පුනරුදයක්” බවත්, ආණ්ඩුව ඊට තව තවත් ගොම දමමින් සිටින බවත් ආනන්ද පාලිත මහතා පවසයි.
විශේෂ ප්රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වා දුන්නේ වත්මන් පාලනය බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු වූ කිසිදු සහනයක් ලබාදීමට අපොහොසත් වී ඇති බවයි. ආණ්ඩුවේ ඇතැම් ප්රබලයන් අද වන විට ක්රියා කරන ආකාරය දෙස බැලීමේදී, ඔවුන් ජනතාව මුලා කර ඇති බව මැනවින් පැහැදිලි වන බව ද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම ලාල්කාන්ත, වසන්ත සමරසිංහ වැනි වත්මන් පාලන පක්ෂයේ ප්රධාන ක්රියාකාරීන්ට මෙන්ම රංජන් සහ මහින්ද වැනි දේශපාලන චරිතවලට ද අද වන විට සිදුව ඇත්තේ රටේ පවතින සැබෑ තත්ත්වය වසා ගැනීමට විවිධ මත ප්රකාශ කරමින් “උඩුබුරන්නට” පමණක් බව ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















