වත්මන් රජයට එරෙහිව දේශපාලන වේදිකාව තුළ විපක්ෂය මතු කරන විවේචන දැඩි උපහාසයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ වත්මන් පාලනය කෙරෙහි පවතින දේශපාලන වෛරය සහ බිය නිසා ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි. එහි උපරිම අවස්ථාව ලෙස, එක්තරා දේශපාලනඥයකු මේ ආණ්ඩුවට ඡන්දය ලබාදුන් පොදු ජනතාවට “හෙණ වැදියන්” යැයි ප්‍රාර්ථනා කරන මට්ටමටම ඇද වැටී ඇති බව ඔහු සිහිපත් කළේය.
“ඒ තරමටම ඔවුන්ට දැන් ඇඬිලා තියෙන්නේ. ඔය අඬන්න පටන් ගත්තා විතරයි. ඉදිරියේදී තව ගොඩක් අයට මේ වගේම අඬන්න සිද්ධ වෙනවා” යැයි පවසමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ආණ්ඩුවේ ඉදිරි ගමන්මඟ හමුවේ විපක්ෂයේ දේශපාලන බංකොලොත්භාවය තවදුරටත් රටටම හෙළිදරව් වනු ඇති බවයි.
















