ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් කිරීමට නියමිත නව සාම ගිවිසුමට එරෙහිව නැගෙන විරෝධතා සහ විදේශ අමාත්‍ය අරග්චි මෙන්ම කථානායක බගීර් කලීබාෆ් යන මහත්වරුන්ට එල්ල වන දැඩි විවේචන පාලනය කිරීම සඳහා ඉරාන රජය එරට ජනප්‍රිය දේශීය පණිවිඩ හුවමාරු යෙදුම් වන බාලේ, අයිටා, සොරූෂ් සහ රුබිකා සෘජුවම වාරණය කිරීමට පියවර ගෙන තිබේ.
සාමාන්‍යයෙන් බටහිර හිතවාදී හෝ විපක්ෂ මතධාරීන් මර්දනය කිරීමට සමාජ මාධ්‍ය තහනම් කරන ඉරාන පාලන තන්ත්රය, මෙවර මෙම මතභේදාත්මක ඇමරිකානු ගිවිසුම කෙසේ හෝ ඉදිරියට ගෙනයාම සඳහා තමන්ටම හිතවාදී දැඩි මතධාරී කණ්ඩායම්වල හඬ පවා මෙලෙස මර්දනය කිරීමට පියවර ගැනීම සුවිශේෂී මෙන්ම පෙරළිකාරී තත්ත්වයකි.
















