කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට සිව් අවුරුදු පූර්ව සේවා අධ්‍යාපනවේදී (ඉංග්‍රීසි මාධ්‍ය) උපාධි පාඨමාලාව සඳහා ශික්ෂණලාභීන් 210 දෙනෙකු බඳවා ගැනීමේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.
ඒ අනුව, මීට පෙර 2026 ජූනි 10 වැනිදා දක්වා ලබා දී තිබූ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2026 ජූනි 17 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව නිවේදනය කෙරේ. 2024 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව සිදුකරන මෙම බඳවා ගැනීම, අධ්‍යාපන ක්ෂේත්රයට ඉංග්‍රීසි මාධ්‍ය ගුරු වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.
සුදුසුකම් සපුරාලන අපේක්ෂකයින්ට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සිය අයදුම්පත් යොමු කළ හැකි අතර, අදාළ උපදෙස් පිළිපදිමින් 2026 ජූනි 17 වැනිදාට පෙර අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.
















