රාජ්‍ය අංශයේ පවතින පුරප්පාඩු පියවා ගැනීම සහ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව බඳවා ගැනීම් සිදු කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව, රාජ්‍ය සේවයේ පවතින තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පියවීමේ අරමුණින් තාක්ෂණික නිලධාරීන් 100 දෙනෙකු ජුනි 15 වන දින රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිතය. එමෙන්ම, කළමනාකරණ සහකාර නිලධාරීන් 1,600 දෙනෙකු සඳහා පත්වීම් ලිපි නිකුත් කිරීම මෙම මස 30 වන දින සිදු කරන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා තහවුරු කළේය.
මෙම පියවර ඔස්සේ රාජ්‍ය ආයතනවල පරිපාලනමය කටයුතු සහ තාක්ෂණික කාර්යභාරයන් වඩාත් විධිමත් කරමින් මහජන සේවාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.
















