ඔක්කම්පිටිය, මාලිගාවිල ජෝතිඅමුණ ප්‍රදේශයේ වගා බිමකට අටවා තිබූ විදුලි රැහැනක පැටලීමෙන් වන අලියෙකු සහ වන අලි පැටවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසෙල්, පැපොල්, උක් සහ වී වගා කර තිබූ මෙම ඉඩම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් අටවා තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වූ අඩි 6ක් උසැති අලියෙකු සහ වයස අවුරුද්දක් පමණ වූ අඩි 4ක් උසැති අලි පැටවෙකු බව වනජීවී නිලධාරීන් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉඩම රැකබලා ගත් පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. විදුලි රැහැන ඇද තිබූ ඉඩමේ හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ ඔක්කම්පිටිය පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















