සිඩ්නි නුවර කූජී (Coogee) වෙරළ තීරයේදී 35 හැවිරිදි කාන්තාවකට මෝරෙකු විසින් පහර දීමෙන් පසු ඇය බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති අතර, මෙම සිදුවීමෙන් අනතුරුව මෝරුන් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතය සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි සමාලෝචනය කිරීමට ඔස්ට්‍රේලියානු සිවිල් ගුවන් සේවා නියාමන අධිකාරිය පියවර ගෙන තිබේ.
සෙනසුරාදා උදෑසන වෙරළට මීටර් 30ක් (අඩි 100ක්) පමණ ඔබ්බෙන් වූ මුහුදේදී මෙම මෝර ප්‍රහාරය සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ ප්‍රධාන වෙරළ තීරයන් තවදුරටත් වසා දමා ඇත. රෝහල් ආරංචි මාර්ග පවසන පරිදි ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ තත්ත්වය බරපතල වුවත් ස්ථාවරව පවතී.
මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ නව දකුණු වේල්ස් ප්‍රාන්තයේ ගලවාගැනීමේ සේවාවන්ට මෝරුන් පිළිබඳ අවදානම් කලාප නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි දැනට පවතින ඩ්‍රෝන යානා පියාසර කිරීමේ සීමාවන් ලිහිල් කිරීම හෝ අනුවර්තනය කිරීම කෙරෙහි රෙගුලාසි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
















