පසුගිය පැය කිහිපය තුළ ලෝක දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වූ ඇමරිකානු එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ගොඩනැගෙමින් පවතින සාම ගිවිසුම පිළිබඳව Reuters නවතම වාර්තාවක් නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව, දෙරටම මේ වන විට ඉතා දීර්ඝ සාකච්ඡාවලින් පසු සාම ගිවිසුමක් අත්සන් කිරීමට ඉතා ආසන්නව සිටින නමුත්, එම ගිවිසුම අත්සන් කරන නිශ්චිත දිනය හෝ වේලාව තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බව සඳහන් වේ.
මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී වාතාවරණය සමනය කිරීමට ඉවහල් වන මෙම ගිවිසුම පිළිබඳව පාර්ශවයන් අතර මූලික එකඟතාවයන් බොහෝමයක් ඇති කරගෙන තිබුණ ද, ඉරාන දේශපාලන කේන්ද්‍රයේ පවතින ඇතැම් මතවාදී ගැටළු සහ තාක්ෂණික අභියෝග හේතුවෙන් අවසන් අත්සන් තැබීම කල් යන බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින මෙම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය කලාපීය සාමය උදෙසා තීරණාත්මක පියවරක් වනු ඇති බවට රොයිටර්ස් වාර්තාව තවදුරටත් අවධාරණය කරයි.
















