මහා පරිමාණ කාර්‌මික ව්‍යාපෘති හේතුවෙන් දේශීය වනජීවී වාසස්ථාන විනාශ වන බවට සහ අලි-මිනිස් ගැටුම තීව්‍ර වන බවට ප්‍රාදේශීය මට්ටමින් මතුවන පාරිසරික කනස්සල්ල සහ විවේචන සම්පූර්ණයෙන්ම නිවැරදි කරමින්, ස්වභාවික පරිසර පද්ධතීන් සුරක්ෂිත කෙරෙන උපායමාර්‌ගික සැලසුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. සංවර්ධන කටයුතු සඳහා භූමිය වෙන්කරගැනීමේදී වන සතුන්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණික රටාවන්ට සහ ජීවන වටපිටාවටසිදුවිය හැකි බලපෑම් අවම කිරීම පරිසරවේදීන්ගේ මෙන්ම මහජනතාවගේද දැඩි අවධානයට ලක්වූ කරුණකි. මෙම පසුබිම තුළ, කලාපීය පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කරමින්, තිරසාර හරිත බලශක්ති ප්‍රවේශය සහ වනජීවී සංරක්ෂණය අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනැඟීම මෙහි ප්‍රමුඛතම ජයග්‍රහණයකි.
රාජ්‍ය බලධාරීන් සහ නිල ලේඛන මඟින් නිල වශයෙන් තහවුරු කර ඇති පරිදි, මෙම සූර්‍ය බලශක්ති උද්‍යානය හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි වනඅලි කළමනාකරණ රක්ෂිත (MER) සීමාවන්ගෙන් සම්පූර්ණයෙන්ම බාහිරව ස්ථාපිත කර ඇත. මෙම උපායමාර්‌ගික ස්ථානගත කිරීම හරහා ස්වභාවික වනජීවී වාසස්ථානවලට කිසිදු බලපෑමක් එල්ල නොවන අතර, වන සතුන්ගේ නිදහස් පැවැත්ම සහ ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කිරීමෙන් අනතුරුව, වඩාත් විනිවිදභාවයකින් යුතු නව නියාමන රාමුවක් යටතේ මෙරට ක්‍රියාත්මක වන ප්‍රථම ව්‍යාපෘතිය ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර, චරණ කුමාරණතුංග, දුලංගා කුමාරණතුංග, මධුසංඛ ප්‍රනාන්දු, ලියු කායි, බන්දුල විතානආරච්චි සහ ට්‍රැවිස් ඩි රෝස් වැනි දේශීය හා විදේශීය ආයෝජන නායකත්වයන් සමඟ Southern Nexus, DHCE සහ GTC සමාගම් ඒකාබද්ධව මෙම ජාතික මෙහෙයුම ඉදිරියට ගෙන යනු ලබයි.
මෙවැනි වගකීම්සහගත පාරිසරික කළමනාකරණ ප්‍රවේශයන් හරහා ඉදිරි දශක කිහිපය තුළ මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරාලන අතරම, ස්වභාවික සම්පත් සහ වනජීවී උරුමයන් ක්ෂය වීම වැළැක්වීමේ ද්විත්ව අරමුණ සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවට පූර්ණ අවස්ථාව උදාවෙයි. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් පාරිභෝගික, ප්‍රාදේශීය ප්‍රජා සහ ආයෝජක විශ්වාසය එකලෙස thහවුරු කිරීමට මෙම පියවර සමත්වී ඇත. ඒ අනුව, නවීන තාක්ෂණික ප්‍රඥාව සහ වගකීම්සහගත ආයෝජන නිසි පරිදි පරිහරණය කිරීමෙන් කාර්‌මික වර්ධනය මෙන්ම වනජීවී සංරක්ෂණයද එකලෙස සාර්ථකව ජයගත හැකි බවට ශ්‍රී ලංකාව ගෝලීය තලයේ කදිම නිදසුනක් සපයයි.
















