මේ ඉරිදා ජුනි 14 දිවයින’ පුවත්පතේ පළවී ඇති, “විද්‍යුත් දුම්වැටි තහනම පනින රිළවුන්ට ඉනිමං බැඳීමක්” යන මැයෙන් යුත් ලිපිය, ලංකාවේ මාධ්‍ය භාවිතය සහ ආයතනික න්‍යාය පත්‍ර පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කර තිබේ. විද්‍යුත් දුම්වැටි හෙවත් ‘වේප්’ භාවිතය සාධාරණීකරණය කරමින් සහ තහනම විවේචනය කරමින් මෙම පුවත්පත නිරන්තරයෙන් තම ඉඩ වෙන් කිරීම, මාධ්‍යවේදීන් මුදලට ගැනීමක් බව කිව හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ගෝලීය සෞඛ්‍ය විශේෂඥයන් විසින් මිනිස් සෞඛ්‍යයට අහිතකර ලෙස වර්ගීකරණය කර ඇති සහ ලොව පුරා රටවල් ගණනාවක් විසින් තුරන් කිරීමට උත්සාහ දරන විද්‍යුත් දුම්වැටි පිළිබඳව, මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක් මෙතරම් උනන්දුවකින් ලිපි පළ කිරීම දෙස බැලීමේදී, මෙහි ඇත්තේ හුදෙක් මාධ්‍ය වාර්තාකරණයක් නොව, ජනමතය කෘතිමව හැඩගස්වන අතයටින් මුදල් දෙන මෙහෙයුමක් බව පැහැදිලිය.
තමන්ගේ ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සඳහා ලාභ ලබන සමාගම් විසින් මාධ්‍ය ආයතන මුදලට ගනිමින්, සෞඛ්‍ය සම්පන්න සමාජයක් වෙනුවට විෂ සහිත නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට පුවත්පත් අවකාශය භාවිතා කිරීම, ජාතික මට්ටමේ මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කිරීමකි. මෙම පුවත්පත මගින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය, රටේ සෞඛ්‍ය පද්ධතියට සහ අනාගත පරපුරේ යහපැවැත්මට එල්ල කරන තර්ජනයකි. මහජන විශ්වාසය දිනා සිටින මාධ්‍ය ආයතනයක් මෙලෙස ආයතනික මුදල් බලයට යටවී ජනතාව නොමඟ යැවීමට කටයුතු කරන්නේ නම්, එය රටේ බුද්ධිමය අවකාශයට කරන ලද බරපතල අපරාධයක් ලෙස සැලකිය හැකිය.
















