පොලිසිය විසින් රට පුරා ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුම් මගින් ගතවූ දිනය තුළ පුද්ගලයින් 28,566 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ. එම වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් 686 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව සම්බන්ධ වූ පුද්ගලයින් 18 දෙනෙකු ද වේ. තවද රථවාහන වැරදි සම්බන්ධයෙන් බීමත් රියදුරන් 60 දෙනෙකු සහ අපරික්ෂාකාරීව රිය පැදවූ පුද්ගලයින් 171 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත.
මීට අමතරව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 926 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් සිව්දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















