සෑම ක්ෂේත්‍රයක්ම පාලනය කිරීමට දැනුමක් නොමැති පිරිසක් සිටීම හේතුවෙන් සමස්ත රටම අද වන විට බරපතල පරිහානියකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මරික්කාර් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ, පාලකයන් විසින් බලයට පැමිණීමට පෙර වේදිකාවලදී ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බවයි. “වේදිකා දෙවනත් කරමින් ජනතාවගේ ජීවිත හදලා දෙනවා යැයි පවසා බලයට පැමිණියද, මේ වන විට රටම අගාධයකට ඇද දමා තිබෙනවා” යැයි මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.
















