දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (ජූනි 15) අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් මිලියන 16.5ක මුදලක් රජයට පාඩු කිරීම සහ දූෂණ වරදක් සිදු කිරීම යන චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන ලද දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන භාවිත කරමින් පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් නිෂ්පාදිත ආයතනයක් තෝරා ගැනීම සහ එම ආයතනය වෙත අසාධාරණ වාසියක් සලසා දීම.දකුණු පළාතේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකු වෙත මිලදී ගන්නා ලද පුටු 16,361ක් ඔවුන්ගේ නිවාස හෝ කාර්යාල වෙත ප්‍රවාහනය කර භාරදීම සිදු කිරීම.අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















