ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ එළඹුණු නව එකඟතාව (Iran deal) පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
ගිවිසුම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්ථාවරය පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, “මෙම ගිවිසුම ඇති කරගනු ලැබුවේ ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින්. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නිරීක්ෂණය කිරීම (Supervision) සහ එය මුළුමනින්ම අඩපණ කර දැමීම (Dantling) යන කරුණු දෙකම සාක්ෂාත් කර කරගැනීමට තමන්ට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරනවා” යනුවෙනි.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ උපායමාර්ගික තීරණවලින් ඔබ්බට යමින් ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් තමන් සතු ස්වාධීන අයිතිය අවධාරණය කළ නෙදන්යාහු, “නමුත් අනෙක් අතට, අපට අපේම වූ අවශ්‍යතා සහ අරමුණු (Own interests) පවතින බව මම පැහැදිලිවම ප්‍රකාශ කළා” යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේය.
















