රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කරයි.
කොළඹ, ගම්පහ සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක රැසක මෙම තත්ත්වය ඉතා දරුණු අතට හැරී ඇති අතර, ඒ අනුව මීට පෙර හඳුනාගෙන තිබූ ඩෙංගු අධි අවදානම් කලාප 74 මේ වන විට 84 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් පවතින අතර, සියලුම රජයේ ආයතන සහ පොදු ස්ථානවල ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
ඩෙංගු මර්දන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ දැඩි සහයෝගය අත්‍යවශ්‍ය බවත්, තම නිවෙස් සහ අවට පරිසරය ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට පත්වීම වැළැක්වීමට වගකීමෙන් කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
















