මීගමුව, කොප්පරා හන්දිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පෙනී සිටිමින් ගණිකා සේවය පවත්වාගෙන ගිය ස්ථානයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබේ.
ඊයේ (15) දින සිදුකළ මෙම වැටලීමේදී ගණිකා නිවාසය කළමනාකරණය කළ කාන්තාවක් සහ එහි සේවයෙහි නිරතව සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් 31, 35 සහ 40 යන වයස්වල පසුවන වාරියපොල, බූස්ස සහ මතුගම ප්‍රදේශවල පදිංචිකාරියන් වේ. සැකකාරියන් සහ අදාළ ස්ථානය පිළිබඳව මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
















