මීරිගම පොලිස් වසමේ, මීරිගම – නාල්ල මාර්ගයේ අරු අඹු ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මියගිය පුද්ගලයා 59 හැවිරිදි නාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මීරිගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
















