ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර ප්‍රමාණයකට වැඩි විය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇත.
මීට අමතරව, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, නාවික සහ ධීවර ප්‍රජාවන් ඉදිරි කටයුතු පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
















