ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යම් ප්‍රමාණයකින් පහළ ගියද, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් දැනට පවතින මට්ටමේම තවදුරටත් පවත්වාගෙන යාමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි. රූපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගෙන ඇති එකඟතා අනුව, බලශක්ති අංශයට ලබාදෙන සියලුම ආකාරයේ සහනාධාර අදියර වශයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව ඒ මහතා පැහැදිලි කළේය. මෙම ක්‍රියාවලිය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීම්වලට සාපේක්ෂව වහාම මෙරට ඉන්ධන මිල පහළ දැමීමට ඉඩකඩක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
















