ක්රිකට් ක්රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ ඩුබායිහි පදිංචි 38 හැවිරිදි මොහොමඩ් සෆ්වාන් ෂාන් නම් ක්රිකට් ක්රීඩකයා, ක්රිකට් තරගයක නිරතව සිටියදී හදිසියේ ඇද වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ක්රිකට් පිත්ත අතැතිව සිටියදී ඔහු මෙලෙස මියයාම ක්රීඩා ලෝලීන් අතර මහත් කම්පනයක් ඇති කළ සිදුවීමකි. ඔහුගේ අවසන් කටයුතු පසුගිය සඳුදා අසර් යාඥාවෙන් අනතුරුව අල් කුසායිස් සුසාන භූමියේදී සිදු කෙරුණු අතර, ඒ සඳහා ඔහුගේ දෙමාපියන් ඉන්දියාවේ සිට පැමිණ සිටියහ. මෙම අවස්ථාවට ඔහුගේ ඥාතීන්, මිතුරන් සහ ප්රජා සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වී අවසන් ගෞරව දැක්වූහ.
















