රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකළ කැඳවීමකට අනුව අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්, සලේ මහතාගේ බිරිඳ සහ ඔහුගේ නීතිඥවරුන් එම කොමිෂන් සභාව වෙත පැමිණ සිටියහ.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින සුරේෂ් සලේ මහතා, මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ.
















