මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක, හීනටියන ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකකදී නීති විරෝධී මත්පැන් සහ පෙරීමේ උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
පළමු වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 135ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. දෙවන වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 337.5ක්, මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා ගෝඩා ලීටර් 4158ක් (බැරල් 22) සහ පෙරීමේ උපකරණ සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 53 වයස්වල පසුවන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















