උතුරේ මානුෂීය මෙහෙයුම් පැවැති සමයේ සොයාගෙන යුද හමුදාව භාරයේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රන් භාණ්ඩ අයිතම දස දහසක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂිත සේප්පුවලට යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර තිබූ මෙම දැවැන්ත රන් භාණ්ඩ තොගය, වසරක පමණ කාලයක් තිස්සේ ජාතික මට්ටමින් සිදුකළ ක්‍රියාවලියකින් පසු මෙසේ මහ බැංකුව වෙත භාරදීමට කටයුතු කර ඇත.
















